මහනුවර- නුවරඑළිය මාර්ගය රථවාහන සඳහා විවෘත කිරීම ඉදිරි පැය 36 තුළ
2025 December 10- Page Views : 20
මහනුවර ගම්පොළ හරහා නුවරඑළිය මාර්ගය රථවාහන සඳහා විවෘත කිරීමේ තීරණය ඉදිරි පැය 36 තුළදී දැනුම් දෙන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි ප්‍රකාශ කරනවා.
මේ වන විට මාර්ගය රථවාහන ගමනා ගමනය සඳහා යථා තත්ත්වයට පත් කර තිබුණද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් රථවාහන ගමනාගමනයට අදාල නිර්දේශ ලැබෙන තුරු මාර්ගය විවෘත නොකරන බවත් එම නිර්දේශ ලැබුණු විගස ඒ අනුව මාර්ගය විවෘත කිරීම පිළිබඳව දැනුම් දෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා.
ආපදා තත්ත්වයෙන් මෙම මාර්ගයට දැඩි හානි සිදුවී ඇති අතර මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඒ වගේම ආරක්ෂක අංශ නිලධාරීන් මෙම මාර්ගයේ පැති දෙකක සිට එම සුන්බුන් ඉවත් කරමින් මාර්ගය පිළිසකර කරමින් ඉදිරියට පැමිණි අතර එම කණ්ඩායම් දෙකම මහනුවර නුවරඑළිය මාර්ගයේ මැද කොටසේදී හමු වූ බවත් විමල් කණ්ඩම්බි සඳහන් කරනවා.
ඉදිරියේදී මෙම මාර්ගය රථවාන සදහා විවෘත කළ ද මාර්ගය මුළුමනින්ම අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදුවන අතර ඒ සඳහා තවත් කාලයක් යනු ඇති බවද මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.