මාතලේ පොදු පහසුකම් පද්ධති නැංවීමට යුද හමුදා සහාය
2025 December 11- Page Views : 41
පසුගිය ආපදාවෙන් බිදවැටුණු මාතලේ මාර්ග ,විදුලිය, ජල, වාරි සහ කුඹුරු පද්ධති යථාවත් කිරීම සදහා තාක්ෂණික සහ ශ්‍රම දායකත්වය ලබාදීමට යුද හමුදාව ඉදිරිපත්ව සිටී.
මේ පිළිබද විශේෂ සාකච්ජාවක් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත සහ මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දිසා ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
යුද හමුදාව විසින් නායයෑම්වලින් මියගිය අයගේ සිරුරු සොයා ගැනීම විපතට පත් ජනයා බේරාගැනීම වැනි කටයුතුවලට දැක්වූ දායක්තවයට අමතරව රට ගොඩනැන්වීමේ ක්‍රියාවලියට දක්වන දායකත්වයක් ලෙස මෙම කටයුතුවලට සක්‍රීය දායකත්වයක් දැක්වීමට කැමැත්තෙන් සිටින බවත් එය තමන්ගේ සමාජ යුතුකමක් බවත් මෙම අවස්ථාවට එක්වූ බ්‍රිගේඩියර් පෙරේරා මහතා පැවසීය.
ඒ සදහා යුධ හමුදාපතිතුමාගේ උපදෙස් පරිදි හමුදාවේ විවිධ තාක්ෂණික හා ඉංජිනේරු බලකායන්හි සෙබළුන්ගේ සහ වෘත්තිකයින්ගේ සහය ලබා දිය හැකි බව ද ඒ මහතා සදහන් කළේය.
මෙහිදී අදහස් දක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා ආපදා අවස්ථාවේ යුධ හමුදාවේ දායකත්වය පිළිබද ස්තූතිය පළ කළේය.
විශේෂයෙන්ම අපදාවෙන් බිද වැටී ඇති දිස්ත්‍රික්කයේ ඇල වේලි,කුඩා වැව් අමුණු,ප්‍රජා ජල පද්ධති,මාර්ග,අලුත්වැඩියා කරගැනීම සදහා හමුදාවේ දායකත්ව ලබා දෙන ලෙස දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතා මෙහිදී ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාවට ආදාල විෂයන් භාර දිස්ත්‍රික් ප්‍රධානීන්,යුධ හමුදා නිලධාරීන්,මාතලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ චමින්ද අමරවීර මහතා ඇතුළු නිලධාරීන් එක්ව සිටියහ.