WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පද්මෙගේ අපරාධවල මුදල් ගනුදෙනු කළ යුවළක් අල්ලයි

2025 December 11- Page Views : 48

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මන්දිනු පද්මසිරි පෙරේරා  නොහොත් කෙහෙල් බද්දර පත්මේ  නැමැත්තා මෙහෙයවනු ලබන අපරාධ සඳහා මුදල් ගනුදෙනු පවත්වාගෙන ගිය බව කියන යුවළක් කොළඹ 10 ප්‍රදේශයේ ලැගුම් හලක සිටියදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

සැකකරුගේ බෑගයක් තුළ තිබී මිලිමීටර 9  වර්ගයේ  ජීව උන්ඩ 15 ක්ද පොලිසිය සොයාගෙන ඇත.

 මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගොඩ සහ ඇඹිලිපිටිය ප්‍රදේශවල පදිංචි අවුරුදු 32 සහ 25 වයස්වල පසු වන යුවලකි.

කෙහෙල් බද්දර පද්මය ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් නීති විරෝධීව උපයාගත් මුදල් රහසිගතව සඟවා තැබීම සහ ඔවුන් විසින් සිදු කරන අපරාධ සඳහා අවශ්‍යතාව මත එම මුදල් යෙදවීම මෙම යුවළ විසින් සිදු කර ඇති බව පොලිසිය පවසයි.

සැකකරුවන් සන්තකයේ තිබී  රුපියල් 15,34,000 මුදලක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.