WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අඩි දහස් ගණනක ප්‍රපාතයට යන්න ගිය බස්රථය වේල්ලකට අල්ලා නතර කළ බස් රියදුරා

2025 December 12- Page Views : 11

බදුල්ල සිට අනුරාධපුරය බලා අද (12) උදෑසන ධාවනය වෙමින් තිබූ කැකිරාව ලංගම ඩිපෝවට අයත් බස්රථයක තිරිංග අක්‍රීය වූ අවස්ථාවේ බස්රථය වේල්ලකට අල්ලා මගීන් 14 දෙනාගේ ජීවිත බේරා ගැනීමට රියදුරු මහතා සමත්ව තිබේ.

බස්රථය පෙ.ව. 6.35ට බදුල්ලෙන් ධාවනය ආරම්භ කර බදුල්ල - මහියංගනය මාර්ගය ඔස්සේ ඉදිරියට යමින් තිබියදී බදුල්ල දුන්හිඳ වංගුව අසලදී බසයේ තිරිංග අක්‍රීයවූ බවත් තමා වහාම බස්රථය වේල්ලකට අල්ලා නතර කර ගත්  බවත් රියදුරු ජනක තුෂාර මහතා පැවසීය.

සීරිමක්වත් සිදුනොවී මගීන් සියලුදෙනාගේ ජීවිත ආරක්ෂාවූ බවත් එසේ නොකළේ නම් බස්රථය අඩි දහස් ගණනක ප්‍රපාතයට පෙරළී විශාල අනතුරක් සිදුවීමට ඉඩ තිබූ බවත් තුෂාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

කොන්දොස්තර මහතා අපට පවසා සිටියේ, "මම මගීන්ට කිව්වා හයියෙන් අල්ලා ගන්න කියලා. රියදුරු මහත්තයා ගානට වේල්ලට ඇල්ලුවා." යනුවෙන් පැවසීය.

පසුගිය කාලය තුළ මෙම මාර්ගයේ මාරක අනතුර කිහිපයක්ම සිදුවූ අතර ඒ සියල්ලටම හේතුවූයේ තිරිංග දෝෂ බව බදුල්ල පොලීසිය සඳහන් කළේය.