ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
2025 December 12- Page Views : 1187
කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව අදාළ ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
මෙම නිවේදනය අද (12) දහවල් 12.30ට නිකුත් කර ඇති අතර, අද රාත්‍රී 11 වන තෙක් වලංගු වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.