රියදුරුට පිහියෙන් ඇන මෝටර් රිය කොල්ලකාලා
2025 December 14- Page Views : 11
නාඳුනන පුද්ගලයන් තිදෙනෙකු අද (14) අලුයම කහතුඩුව මහවංගුව ආසන්නයේදී රියදුරුට පිහියෙන් ඇන රුපියල් කෝටියක් පමණ වටිනා සුඛෝභෝගී මෝටර් රථයක් කොල්ලකා පලා ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය කියයි තුවාල ලද රියදුරු හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.ෙරියදුරු මාතර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර බණ්ඩාරගම වීදියගොඩ ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන්ගෙන සුඛෝ භෝගී මෝටර් රථයෙන් කුලී ගමන් යාම රැකියා වශයෙන් සිදු කර ඇතැයි පොලිසිය සඳහන් කරයි. ෙවිදේශිකයකු කහතුඩුවේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත රැගෙන යාම සඳහා අලුයම පැමිණ කල් වේලා තිබෙන බැවින් පොල්ගස්ඕවිට හන්දියේ මෝටර් රථය නවතා විවේක ගනිමින් සිටියදී පුද්ගලයින් තිදෙනකු එකවරම මෝටර් රථයට නැග කුලී ගමනක් රැගෙන යන ලෙස රියදුරුට පවසා ඇතැයි පොලිසිය කියයි. රියදුරාගේ වැලමිට දෙසට තුවාල සිදුවී ඇති බවත් බරපතල තත්වයක් නොමැති බවත් රෝහල් ප්‍රකාශකයකු පැවසීය.