නායයෑමෙන් අතුරුදන් වූ නෙතුකිගේ සිරුර හමුවෙයි
2025 December 15- Page Views : 1189
යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෙරන්නාව,තැන්නවත්ත ප්‍රදේශයේ නොවැම්බර් 27 වන දින පස්වරුවේ නායමෙන් අතුරුදන්ව සිටි බෙරන්නාව මහා විදුහලේ දෙවන ශ්‍රේණියේ ඉගනුම ලැබූ (වයස අවුරුදු 7) නෙතුකි සහන්යා දැරියගේ සිරුර ඉයේ (14) දහවල් එම නායගිය ස්ථානයේ තිබී සොයා ගත් බව යටියන්තොට පොලීසිය පවසයි.
තැන්නවත්ත සිට පතනේගල මාර්ගය සුද්ධ කිරීමේ දී ඒ ආසන්නයේ බල්ලෙකු සිටිු දැක ඒ පිලිබදව සොයා බැලීමේ දී පිරිසට මියගිය ැරියගේ දේහය කිතුල් ගසක අතු යට හමු වී තිබේ. දේහය පශ්චාත් මරණ පරික්ෂණය සදහා කරුවනැල්ල රෝහල වෙත ගෙන ගොස් තිබේ.
එම නාය යාමෙන් එම දැරියගේ මව පියා,බාල සහෝදරයෙකු හා ආච්චි යට වී ඇති අතර දැරියගේ මවගේ දේහය දින දෙකකට පසුව හමු වී තිබේ.
දැරියගේ හා මවගේ දේහයන් හැර අනෙකුත් අයගේ දේහයන් මෙතෙක් හමු වී නොමැත.