WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගැබිනි කතුන්ගේ පෝෂණ දීමනාව අද සිට

2025 December 16- Page Views : 1187

ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදෙන රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ බව සංකේතවත් කරමින් එම දීමනාව ලබාදීම අද උදෑසන 9.30ට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී සිදුකිරීමට නියමිතයි

පසුගිය නොවැම්බර් 30 වැනිදා තෙක් මාතෘ සායනයන්හි ලියාපදිංචි වූ ගර්භණී කාන්තාවන් සඳහා මේ දීමනාව ලබා දෙනු ඇති.