පස්සර -මඩොල්සිම මාර්ගයට ගලක් පෙරැළෙයි
2025 December 19- Page Views : 1187
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගය ට විශාල ගල්පර්වතයක් අද (19) උදෑසන කඩා වැටීමෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය මුලුමනින්ම ඇනහිට ඇතයි මඩොල්සිම පොලිසිය පවසයි .
දැනට ඇදහැලෙන අධික වර්ශාවත් සමග මෙසේ මාර්ගයට විශාල ගල්පර්වතයක් කඩා වැටී ඇති බවත් පවතින වර්ශාවත් සමඟ තව දුරටත් පස්කදු කඩා වැටීමෙ අවදානම නිසාවෙන් එය ඉවත් කිරිමට අපහසු වී ඇති බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු බදුල්ල එස්.එස්. හෙන්නායක මහතා සදහන් කලේය .