අන්තර්ජාල මූල්‍ය වංචා ඉහළට
2025 December 22- Page Views : 281
අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිකරන බව පවසමින් මුදල් වංචා කිරීම සම්බන්ධ සිදුවීම් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂක නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පැවසුවේ අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ඇනවුම් කරන්නේ නම් අදාළ ආයතනය පිළිබද නිවැරදි තොරතුරු ලබා ගත යුතු බවය.
ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට මුදල් ලබා දීමේදී සිදුවන වංචා සම්බන්ධයෙන් ද පසුගිය දින කිහිපය තුළ පැමිණිලි ලැබුණු බව නිරෝෂ් ආනන්ද මහතා වැඩිදුරටත් සඳහන් කළේය.