පාර මාරු වුණු වනඅලියා වෑන් රථයක ගැටී මරුට
2025 December 27- Page Views : 1187
අද (27) අලුයම 1ට පමණ හබරණ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ 124 කිලෝමීටර් කණුව අසලින් ධාවනය වූ වෑන් රථයක වනඅලියෙකු ගැටී තිබේ.
එම අනතුරෙන් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරා සහ කාන්තාවක් හබරණ රෝහලට ඇතුළත් කෙරුණු අතර වනඅලියා මියගොස් ඇත.
කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ සිට හුරුලු පාරිසරික උද්‍යානය දක්වා ප්‍රධාන මාර්ගය හරහා මාරුවීමේදී වනඅලියා වෑන් රථයේ ගැටී ඇති බව කවුඩුල්ල වනජීවි නිලධාරීන් පවසයි.
මියගිය වනඅලියා වයස අවුරුදු 12ක් පමණ උස අඩි 5ක සත්ත්වයෙකි.
සිද්ධිය සම්බන්ධව කවුඩුල්ල වනජීවි නිලධාරීන් සහ හතරැස් කොටුව පොලිසිය පරීක්ෂණ සිදුකරයි.