WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා

2026 January 01- Page Views : 1187

අම්බලන්තොට නගරයේ  රථවාහන පරීක්ෂා කරමින් සිටි  පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි.

සැකකටයුතු මෝටර් රථය නවතන ලෙස  රාජකාරියේ යෙදි සිටි පොලිසිය අන කළ අවස්ථාවේ මෙම අනතුර සිදු කර පළාගොස් ඇත.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොලිස් කොස්තාපල්  සරත් නමැති නමැත්තෙකි.

ඔහු බරපතළ තුවාල ලබා සිටි කොස්තාපල්වරයා හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ . මෝටර් රථයේ ගැටුණු සිවිල් ආරක්ෂකයකු තුවාල ලබා  අම්බලන්තොට ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ . තංගල්ල දෙස සිට කතරගම දෙසට ධාවනය කළ සුදු පැහැති මෝටර් රථයක් නතර කරන ලෙසට පොලිස් නිළධාරින් සංඥා කර ඇති අතර පොලිස් අණ නොතකා මෝටර් රථය පොලිස් නිළධාරින් හප්පා හම්බන්තොට දෙසට පලාගොස් ඇතැයි පොලිසිය පැවසීය . මෝටර් රථය හෝ සැකකරුවන් මේ දක්වා අත් අඩංගුවට ගෙන නැත .