මෝටර් රථය මගියා බේරාග්න ගිහින් පොල්ගහට ගිහින්
2026 January 01- Page Views : 1187
අම්බලන්ගොඩ ගොඩගමදී මෝටර් රථයක් අද(1)උදෑසන පාරෙන් ඉවතට පැන පාර අයිනේ තිබූ පොල් ගසකට වැදීම නිසා රියැදුරු තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෝටර් රථය පාරෙන් ඉවතට පැන පාර අයිනේ තිබූ පොල් ගසේ උඩට ගොස් ආපසු පොල් ගස පාමුලට ඇදී ගොස් ඇති බවද පොලීසිය කියයි.
අම්බලන්ගොඩ සිට හික්කඩුව දෙසට ගමන් ගත් මෝටර් රථයක් මේ අනතුරට ලක්වී ඇති බවත් පාර හරහා පැන්න මගියකු බේරා ගැනීමට මේ මෝටර් රථයේ රියදුරා උත්සහා දැරීමේදී එය පාරෙන් ඉවතට පැන මේ අනතුර සිදුව ඇති බවද පොලීසිය කියයි.