කොහුවල වෙඩි තැබීමේ සැකකරුවෙකු හඳුනාගැනීමට මහජන සහාය පතයි
2026 January 02- Page Views : 53
කොහුවල පොලිස් වසමේ බෝධියාවත්ත ප්‍රදේශයේදී 16 හැවිරිදි දැරියකට වෙඩි තබා තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු හඳුනාගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතනවා.
025 දෙසැම්බර් මස 30 වන දින යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 16 හැවිරිදි දැරියක් තුවාල ලැබූ අතර, අපරාධය සිදු කළ පුද්ගලයින්ගෙන් එක් අයෙකුගේ රුව පොලිස් චිත්‍ර ශිල්පියෙකු ලවා සිතුවම් කර තිබෙනවා.
ඒ අනුව පහත සඳහන් සිතුවමෙහි දැක්වෙන පුද්ගලයා සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් වෙතොත් දක්වා ඇති දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
ස්ථානාධිපති (කොහුවල පොලිස් ස්ථානය): 071-8591669
ස්ථානාධිපති (අපරාධ විමර්ශන අංශය): 071-4146727