WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කෝටි 3ක කුෂ් කටුනායනදී අත්අඩංගුවට

2026 January 02- Page Views : 22

රුපියල් තුන් කෝටි හතලිස් ලක්ෂ දහනව දහසක් වටිනා "කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක්, මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (02) දින උදෑසන  අත්අඩංගුවට ගෙන තිබේ .

මොහු 35 හැවිරිදි ඉන්දියාවේ, බැංගලෝර් නුවර වාසය කරන්නෙකි .

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ "කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 03යි ග්‍රෑම් 419ක් සගවා ගෙන සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ .

මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ "කුෂ්" මත්ද්‍රව්‍ය තොගය, කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .