උසස් පෙළ විභාගයේ උපකාරක පන්ති පැවැත්වීම අද මැදියම් රැයෙන් අවසන්
2026 January 06- Page Views : 1189
පසුගිය වසරට අදාළව උසස් පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම අද (06) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තුරු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, උපකාරක පන්ති පැවැත්වීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, බැනර් හෝ අත් පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම තහනම් වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
සිදු වූ ආපදා තත්වය හේතුවෙන් උසස් පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයයන් මේ මස 12 වැනිදා සිට 20 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 2362ක දී පැවැත්වීමට නියමිතයි.