අගමැතිනියට විපක්ෂයෙන් විශ්වාසභංගයක්
2026 January 07- Page Views : 1187
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව නිකුත් කෙරුණු 6 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලය පිළිබඳ ගැටලුව මුල් කර ගනිමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැතිනී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.
සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්ව එම තීරණය ගත් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ලංකාදීපයට පැවැසීය.
ඒ අනුව අද (7) දිනයේ විශ්වාස භංග යෝජනාවට අත්සන් කිරීම ආරම්භ කරන බවත් මේ සතිය තුළ එම යෝජනාව කතානායකවරයාට බාර දීමට කටයුතු කරන බවත් කරුණාතිලක මහතා පැවැසීය.