WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉරණමඩු යළි වාන් දමයි

2026 January 07- Page Views : 1187

උතුරු පළාතේ ප්‍රධානම ජලාශයක් වන කිලිනොච්චිය පිහිටි ඉරණමඩු ජලාශය යාළිත් වරක් පිටාර ගැලීමට පටන් ගෙන ඇතැයි වාරි ඉංජිනේරුවෝ සඳහන් කරති.

මේ වන විට එම ජලාශයේ වාන් දොරටු 06 ම විවෘත කර ඇත.

ඉරණමඩු ජලපෝෂක ප්‍රදේශයට ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් ජලාශයේ ජල මට්ටම ඉහල ගොස් ඇති අතර ඒ අනුව මෙසේ වාන් දොරටු සියල්ල විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

එම වාන් දොරටු 06 න් වාන් දොරටු 02 ක් අගල් 06 ක් දක්වාත් අනෙක් වාන් දොරාටු 04 අගල් 01 බැගිනුත් විවෘත කර ඇති බව වාරි ඉංජිනේරුවෝ සදහන් කරති.