WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බෑග් කර්මාන්ත ශාලාව ගින්නට බිලි

2026 January 09- Page Views : 1188

මත්තේගොඩ කිරිගම්පමුණුව ප්‍රදේශයේ පවත්වාගෙන යන අත් බෑග් සහ මුදල් පසුම්බි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද අලුයම හටගත් ගින්නකින් එම කර්මාන්ත ශාලාව මුළුමනින්ම විනාශ වී ඇතැයි මත්තේගොඩ පොලිසිය පවසයි.

ගින්න හට ගැනීමත් සමග එය නිවීමට ගිය හිමිකාර කාන්තාව පිළිස්සුම් තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි.

අද අලුයම 01 පමණ මෙම ගින්න හටගෙන ඇති අතර ඉන් කර්මාන්ත ශාලාවේ තිබූ මැෂින් 26 සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය ඇතුළු කෝටි ගණනක් වටිනා දේපල ගින්නෙන් විනාශ වී ඇති බව පැවසේ.

මෙම කර්මාන්ත ශාලාව එහි හිමිකරුගේ නිවස පිහිටි ඉඩමේ පිහිටා ඇති අතර ගින්නෙන් එම නිවසේ නාන කාමරයට ද හානි සිදුව තිබේ.

ගින්න හට ගැනීමත් සමග කෝට්ටේ සහ හොරණ ගිනි නිවන රථ හතරක් නිළධාරීන් 17 දෙනෙකු පැමිණ ගින්න නිවා දමා තිබේ.