WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

එන්ගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙරට තරඟ සංචාරයක

2026 January 19- Page Views : 4

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග සංචාරයක් සදහා අද(19 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියහ .

ඔවුන් මෙරට තුළ ගත කරන කාළය තුළ එක් දින ක්‍රිකට් තරග 03 කට සහ විස්සයි විස්ස ක්‍රිකට් තරග 03 කට සහභාගී වීමට නියමිතය .

එහිදී එළඹෙන 22 දින , 24 දින සහ 27 දින වල එක් දින තරගාවලිය , දිවා රාත්‍රී තරග ලෙස කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය .

එසේම මෙම මස 30 දින , පෙබරවාරි මස 01 සහ 03 යන දින වල විස්සයි විස්ස තරගාවලිය , රාත්‍රී තරගාවලියක් ලෙස පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය .

මෙම තරගාවලිය සදහා සහභාගී වීම සදහා නිලධාරීන් සහ ක්‍රීඩකයින්ගෙන් 28 සමන්විත එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද උදෑසනය 08.20 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සමග එක්ව විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණි .මෙම කණ්ඩායම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය , පොලිස් විශේෂ කාර්යය බළකාය සහ අමාත්‍ය ආරක්ෂක අංශයේ නිලධාරීවරුන් ගුවන් තොටුපොළ තුළ දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණි .