ජාත්‍යන්තර ක්‍රිඩා තරඟාවලියකින් ශ්‍රී ලංකාවට පදක්කම් 80ක්
2026 February 16- Page Views : 131
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර පැවති පළමු වැනි ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් 80 ක් දිනා ගෙන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ. මෙම තරගාවලිය ලෝකයේ රටවල් 143 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 24,000 කගේ සහභාගීත්වයෙන් , ඉකුත් 06 දින සිට 15 දින දක්වා පවත්වා තිබුණි. එහිදී මෙම තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 34 දෙනෙකු රන් පදක්කම් 10 ක් , රිදී පදක්කම් 40 ක් සහ ලෝකඩ පදක්කම් 30 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි. මෙම ජයග්‍රහණයන් හිමි කර ගත් ශ්‍රී ලාංකික ප්‍රවීනයන්ගේ මළළ ක්‍රීඩා කණ්ඩායම 15 දින රාත්‍රී 09.28 ට එයාර් ඇරේබියා ගුවන් සේවයේ 3.එල්.- 307 දරණ ගුවන් යානයෙන් අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.