ඉන්දීය ගායන ශිල්පිනී ආශා බෝස්ලේ දිවිසැරිය නිම කරයි
2026 April 12- Page Views : 7
නූතන ඉන්දියානු සංගීතයේ ශ්‍රේෂ්ඨතම ගායිකාවක් ලෙස සැලෙකන ජනප්‍රිය ගායන ශිල්පිනී ආශා බෝස්ලේ දිවි සැරිය නිම කර තිබේ.
මියයන විට ඇය 92 වියෙහි පසුවිය.
හෘදයාබාධ තත්ත්වයක් සහ ස්වසනාබාධ තත්ත්වයක් හේතුවෙන් ඇය ඊයේ මුම්බායි හී රෝහලක් වෙත ඇතුළත් කෙරුණි.
ඒ අනුව ඊයේ රාත්‍රියේදී එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති ඇය අද (12) උදෑසන මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ඇයගේ අවසන් කටයුතු අද (12) සවස 4ට මුම්බාහි ශිවාසි උද්‍යානයේදී සිදු කරන බව සඳහන් වෙයි.
ඉන්දියානු සිනමා සංගීතයේ අසහාය ගායිකාවක වූ ආශා බෝස්ලේගේ කලා ජීවිතය අමරණීය ගමන් මගකි.
1933 දී සංගීත පවුලක උපත ලැබු ආශා බෝස්ලේගේ වැඩිමහල් සහෝදරිය ලතා මංගේෂ්කාර් ය.
වයස අවුරුදු 9 තරම් කුඩා අවධියේදී වෘත්තීය ගායනය ආරම්භ කළ ඇය, 1943 දී සිය ප්‍රථම චිත්‍රපට ගීතය පටිගත කර ඇත.
1950 දශකය වන විට බොලිවුඩයේ තමාටම අනන්‍ය වූ ස්ථානයක් දිනාගත් ඇය, දශක තුනකට වැඩි කාලයක් සංගීත අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රියතම ගායිකාව බවට පත්විය.
මුල් කාලයේ නර්තන ගීත සඳහා පමණක් ඇයව යොදාගත්ත ද, පසුව ඇය 'ඝසල්' (Ghazals) වැනි ඉතා ගැඹුරු සහ ශාස්ත්‍රීය ගීත ගායනයෙන් තම දක්ෂතාවය ලොවටම පෙන්වීය.
හොඳම පසුබිම් ගායිකාව සඳහා වන ෆිල්ම්ෆෙයාර් (Filmfare) සම්මානය 7 වතාවක් ඇය දිනා ගෙන තිබේ.
මේ අතර, ජාතික සිනමා සම්මාන දෙවතාවක් දිනා ගැනීමට ඇය සමත් වී ඇත.