WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අතුරුදන් වූ දරුවාගේ මළ සිරුර ළිඳක තිබී සොයා ගනී

2026 June 13- Page Views : 7

පේදුරුතුඩුව පොලිස් වසමේ පුලෝලි දකුණ ප්‍රදේශයේ අතුරුදන්ව සිටි පිරිමි දරුවෙකුගේ මළ සිරුර නිවස ආසන්නයේ ළිඳක තිබී සොයා ගෙන තිබේ.

ඊයේ (12) රාත්‍රියේ මෙම දරුවා අතුරුදන්ව ඇති බවට පේදුරුතුඩුව පොලිස් ස්ථානය වෙත ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව සිදුකළ විමර්ශනය අනුව දරුවාගේ සිරුර සොයා ගෙන ඇති අතර, එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 6ක් වන පිරිමි දරුවෙකි.

පේදුරුතුඩුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.