ප්‍රංශයේ සංගීත උත්සවවලදී මත්පැන් භාවිතය තාවකාලිකව තහනම්
2026 June 21- Page Views : 141
උෂ්ණාධික කාලගුණ තත්ත්වය සැළකිල්ලට ගනිමින් සංගීත ප්‍රසංගවල මත්පැන් භාවිතය තාවකාලිකව තහනම් කිරීමට ප්‍රංශ රජය පියවර ගෙන තිබේ.
සෑම වසරකම ගිම්හාන සමයේ දී එරට වීථී පුරා මිලියන ගනණකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන වාර්ෂික සංගීත සන්දර්ශන මෙම දින වල සංවිධානය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
කෙසේ වෙතත් ප්‍රංශයේ ප්‍රදේශ රැසකට බලපා ඇති උෂ්ණාධික කාලගුණ තත්ත්වය සැළකිල්ලට ගනිමින් එරට රජය විසින් පොදු ස්ථානවල මත්පැන් භාවිතය තහනම් කිරීම ඇතුළු කොන්දේසි කිහිපයක් ප්‍රකාශයට පත්කර තිබේ.
මේ අතර, මේ වන විට එරට බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 40ත් අතර පවතින අතර එම තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බව විශේෂඥයින් අනතුරු අඟවා ඇත.
මීට අමතරව ජර්මනිය සහ ස්පාඤ්ඤය ද උෂ්ණත්වය ඉහළ යාම සැළකිල්ලට ගනිමින් එරට ජනතාව වෙත අනතුරු ඇඟවීම් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.