ටෙක්සාස් හි හෙලිකොප්ටර් අනතුරක් - අමෙරිකානු හමුදා සෙබළුන් දෙදෙනෙකු මරුට
2026 August 13- Page Views : 179
ටෙක්සාස් හි හෙලිකොප්ටර් අනතුරකින් අමෙරිකානු හමුදා සෙබළුන් දෙදෙනෙකු මියගොස් තිබේ.
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ෆෝට් හුඩ් (Fort Hood) හමුදා කඳවුරට අයත් 'ඇපාචි' වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානයක් එළිමහන් පිටියකට කඩා වැටීමෙන් එහි සිටි හමුදා සෙබළුන් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇත.
හෙලිකොප්ටරය කඩා වැටීමත් සමඟ එම ප්‍රදේශයේ විශාල ගින්නක් හටගෙන තිබේ.
ගින්න පාලනය කිරීම සඳහා ප්‍රදේශයේ ගිනි නිවන ඒකක කිහිපයක් එක්ව කටයුතු කර ඇත.