ජනපති-ත්‍රෛනිකායික මහා සංඝරත්නය හමුවක් කැඳවයි
පුවතට සවන් දෙන්න
ස්වයංක්‍රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා නියෝජනය කරන මහා සංඝරත්නය හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (8)පැවැත්වේ.
අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාර ගත කෙරුණු ගලගොඩ අත්තේ ඤාණසාර හිමි ගිහි වස්ත්‍ර සහිතව අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධව ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කළ ලිපිය සම්බන්ධයෙන් මෙහිදී කථිකා කිරීමට නියමිතව තිබේ. එම සාකච්ඡාව අද ප.ව.1.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්‍රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.