ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය නොමග යවමින් පාම් oil මෙරටට ආනයනයකිරීමේ සීමාවන් ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කටයුතු කරමින් සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.

එහි සභාපති රංජිත් විතානගේ පවසන්නේ, එම උත්සාහයන් ව්‍යර්ථ කර පාරිභෝගිකයන්ගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ  සභාපති රංජිත් විතානගේ මහතා,

"2021 වසරේ විද්වත් මණ්ඩලයක් විසින් ගත්ත තීරණයක් මත මේ රටේ පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය සුරක්ෂිත කරන්න එහෙම නැත්තන් ආහාර සුරක්ෂිතතාවය සඳහා යම්කිසි සීමාවන් පැනවූවා පාම් තෙල් ආනයනය සීමාවන් සඳහා. මේ අවුරුදු 2කට කලින් පත්වුණු රජය ඒ ප්‍රතිපත්ති දිගටම අනුගමනය කරමින් ගියා. හැබැයි මේ වෙනකොට මුදල් අමාත්‍යාංශයේ දූෂිත නිලධාරීන් පිරිසක් එක්ව පාම් තෙල් ලංකාවට ආනයනයකිරීමේ සීමාවන් ඉවත්කිරීමේ සූදානමක නිරත වෙනවා. අයවැය යෝජනාවක් ඉස්සරහට දාලා ඒ අයවැය යෝජනාවෙන් ඉඩහරිනවා මේ රටට නැවතත් පාම්තෙල්  ආනයනය කිරීමට අවස්ථාව ලබා දෙන්න"