තවත් අමෙරිකානු ගුවන්යානයක ගින්නක්
2025 April 22- Page Views : 32 මගීන් 300කට ආසන්න පිරිසක් රැගෙන පියාසර කිරීමට නියමිතව පැවති තවත් අමෙරිකානු ගුවන්යානයක ගින්නක් හටගෙන තිබේ.
එංජිමේ ඇතිවූ හදිසි ගින්නත් සමඟ යානයේ සිටි පිරිස වහාම ඉන් ඉවත්කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණා.
අමෙරිකාවේ ඩෙල්ටා ගුවන් සමාගමට අයත් මගී ප්‍රවාහන ගුවන් යානයක මෙලෙස ගින්න හට ගෙන ඇත.
ගින්න හටගෙන තිබුණේ යානය මගීන්ද සමඟින් එරට ෆ්ලොරිඩාහි ඕලැන්ඩෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නවත්වා තිබියදීය.
හදිසි ගින්නත් සමඟ එහි සිටි සියලුදෙනා කඩිනමින් ඉන් ඉවත්කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.
ගින්න ඇතිවූ ආකාරය මෙතෙක් හඳුනාගෙන නොමැති අතර විමර්ශන ක්‍රියාත්මකය.