WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජම්මු කාශ්මීර් පාලන රේඛාව අසල වෙඩි හුවමාරුවක්

2025 April 25- Page Views : 31

ජම්මු කාශ්මීර් පාලන රේඛාව අසලදී පාකිස්තානය සිදුකළ වෙඩි තැබීමටක ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව වෙඩි තැබීමක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බවද වාර්තා වෙයි.

පුද්ගලයින් 26 දෙනෙකුට දිවි අහිමිකරමින් දකුණු කාශ්මීරයේ පහල්ගම් හිදී ඉකුත් 22 වනදා සංචාරකයින් පිරිසක් ඉලක්ක කරගනිමින් සිදුකළ වෙඩිතැබීමෙන් පසු මේ වනවිට දෙරට අතර නොසන්සුන්තාවයක් හටගෙන තිබේ.