WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගාසා තීරය ගැන ඊශ්‍රායලය ගත් තීරණය

2025 May 19- Page Views : 30

සති 10කට පසු ගාසා තීරය වෙත මූලික ආහාර ප්‍රමාණයක් ලබාදීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබේ.

ඒ අනුව ආහාර ලබාදිම සඳහා සහන කණ්ඩායම් වෙත අවසර ලබාදීමට ඊශ්‍රායලය විසින් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගාසා තීරයේ පුළුල් ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කර ඇති බවට ප්‍රකාශයට පත් කර පැය කිහිපයකට පසුව මෙම තීරණය ගෙන ඇත.

මේ අතර ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පසුගිය පැය 24 තුළ පමණක් ගාසා තීරයේ පුද්ගලයින් 67 දෙනෙකු මියගොස් තවත් 361 දෙනෙකු තුවාල ලබා ඇති බව හමාස් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මෙහිදි අවතැන් කඳවුරකට ද ප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් 22 දෙනෙකු මියගොස් තවත් 100 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ගාසා තීරයේ හදිසි සේවා ක්‍රියාත්මක කරන සිවිල් ආරක්ෂක අංශ පවසයි.