පුනරුද ගමනයි – දෙනෙතට එළියයි’ වැඩසටහන සාර්ථකව
2025 May 22- Page Views : 4 ‘පුනරුද ගමනයි – දෙනෙතට එළියයි’ නොමිලේ අක්ෂි කාච බද්ද කිරීමේ වැඩසටහන සාර්ථකව පැවැත්වුණා.
ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමය මගින් වසර කිහිපයක සිට ශ්‍රී ලංකාවේ අක්ෂි රෝගීන් සඳහා නොමිලේ ඇසේ සුද ඉවත් කිරීම හා කාච බද්ධ කිරිම සිදු කෙරෙනවා.
චීන වෛද්‍යවරුන්ගේ සහාය ඇතිවයි මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ.
ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමය , චීනයේ අක්ෂි රෝහල් හා මිත්‍රසංගම් සයෝගයෙන් මේ වසරේ අක්ෂි සැත්කම් 300 ත් 500 ත් අතර සිදු කිරීමට නියමිතයි.
නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා ද මෙහිදී අදහස් දැක්වුවා.