WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නඩුවකට පැමිණි තරුණියක් යාපනයේදී පැහැර ගනී

2025 May 22- Page Views : 4

යාපනය - මල්ලාක්කම් අධිකරණයේ පැවති නඩු කටයුත්තක් සඳහා පැමිණ යමින් සිටි තරුණියක් කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ 22 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචි තරුණියක් මෙලෙස පැහැරගෙන ගොස් ඇති බවයි.

ඇය සිය ස්වාමිපුරුෂයා සමගයි අධිකරණයට පැමිණ තිබුණේ.

ඇයව පැහැරගන්නා ආකාරය කිසියම් පුද්ගලයෙකු විසින් වීඩියෝගත කර ඇති අතර ඒ ඔස්සේ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.