WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කල්කුඩා සිසුහු ගුරුන් ඉල්ලා පාරට බසිති

2025 May 22- Page Views : 4

මඩකලපුව ඇති එකම සිංහල විද්‍යාලය වන කල්කුඩා ශ්‍රී සීලාලංකාර මහා විද්‍යාලයේ සිසුහු පිරිසක් පාසල් අධ්‍යාපන කටයුතු නිමවීමෙන් අනතුරුව, විද්‍යාලයට ස්ථිර ගුරුවරු  ඉල්ලා  නිහඬ  විරෝධතාවයක් අද දහවල් විද්‍යාල ඉදිරිපිට සිදු කළහ.

01 වසරේ සිට 11 වසර දක්වා පන්ති පැවැත්වෙන අතර එහි සිසුන් 41 දෙනකු අධ්‍යාපනය ලබාදීමට සිටින්නේ ස්වේච්ඡා ගුරුවරු හය දෙනකු පමණක් බවද සිසුහු චෝදනා සඳහන් කළහ.

කල්කුඩා සීලාලංකාර විද්‍යාලයේ විශේෂත්වය වන්නේ දෙමළ හා සිංහල සිසුන් භාෂා දෙකෙන්ම අධ්‍යාපනය ලැබීමත්, අධ්‍යාපනය ලබාදීමට ස්වේච්ඡාවෙන් පැමිණෙන ගුරුවරයකු රුපියල් 800 ප්‍රවාහන ගාස්තුවක් දරා පැමිණි වසර දෙකකට ආසන්න කාලයක් මෙම දරුවන්ට අධ්‍යාපනය ලබාදීම බව, කල්කුඩා සීලාලංකාර විද්‍යාලයේ නිර්මාතෘ දේවගල දේවාලංකාර නාහිමියන් මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන් කළහ.

මඩකලපුව දිස්ත්‍රික්කයේ සිංහල විද්‍යාලය 17 තිබූ අතර යුද සමයෙහි එම විද්‍යාලය 17 ම ත්‍රස්තවාදි ප්‍රහාරවලින් වැනසීමෙන් අනතුරුව, කල්කුඩා සිංහල මහා විද්‍යාලයේ ආරම්භ කිරීමට තමන් වහන්සේ මුල පිරූ බවත්, ඒ අනුව 2022 නොවැම්බර් 02 වෙනිදා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අතින් විවෘත කර මඩකලපුව දිස්ත්‍රික්කයේ සිංහල හා දමිල දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ලබාදීමට කටයුතු කළ බවද නාහිමියන් සඳහන් කළහ.