දුමින්ද දිසානායක ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට
2025 May 24- Page Views : 4 රන් පැහැ ගැන්වූ ටී – 56 ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඊයේ අත්අඩංගුවට ගත් ඔහුගෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය රඳවාගෙන ප්‍රශ්න කරනවා.
හිටපු අමාත්‍යවරයා බම්බලපිටිය ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක රැඳී සිටියදීයි අත්අඩංගුවට ගැනුණේ.
හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී රන් පැහැ ගැන්වූ ගිනි අවියක් සොයා ගෙන තිබුණා.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයයි.
ගිනි අවියට හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකගේ සෘජු සම්බන්ධයක් ඇති බවට සිදු කරන ලද විමර්ශනවලදී කරුණු අනාවරණය කරගෙන තිබූ අතර පසුව ඔහු සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් විශේෂ මෙහෙයුමක් සිදු කරනු ලැබුවා.
හිටපු අමාත්‍යවරයා මීට මාස 6කට පෙර සිය අරක්කැමියා මාර්ගයෙන් මෙම ගිනි අවිය තම හිතවතියක වූ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවගේ නිවසට යවා ඇති බවටයි පොලීසිය තොරතුරු හෙළි කරගෙන තිබුණේ.