WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තණමල්විල බිහිසුණු රිය අනතුරක් – ලොරි රථයක් සහ යතුරු පැදියක් ගැටෙයි

2025 May 25- Page Views : 31

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයට අයත් කුඩාඔය අලිමංකඩ ප්‍රදේශයේ දී ලොරි රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

ලොරි රථයේ පසුපස යතුරු පැදිය ගැටී මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් යතුරු පැදියේ ගමන් කරමින් සිටි පැදිකරු බරපතල තුවාල ලබා තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩි දුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (24) දින ලංගම බස් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් දරුණු අනතුරක් සිදු වූ ස්ථානය ආසන්නයේ ම මෙම අනතුරත් සිදු වී ඇති බව පොලිසිය සඳහන් කළා.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු තණමල්විල මූලස්ථාන පොලිස් නිලධාරීන් විසින් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.