WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නවසීලන්ත නියෝජ්‍ය අගමැති දිවයිනට

2025 May 25- Page Views : 32

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.

ඔහු සමග දූත පිරිස ලෙස , තවත් සිව් දෙනෙකු ද පැමිණ සිටියා. ඔවුන් ඊයේ (24) දින රාත්‍රී 11.00 ට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් ශ්‍රී ලංකා සංචාරය නිමා කර (28) දින ආපසු පිටත්ව යාමට නියමිතයි.

මේ අතර සංචාරය අතරතුරදී නවසීලන්ත නියෝජය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග මෙන්ම අගමැති ආචාර්ය හරිනි අමරසූරිය හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.

වින්ස්ටන් පීටර්ස් මහතා විසින් අමාත්‍ය විජිත හේරත් මහතා සමග වෙළඳ හා ආයෝජන, කෘෂි කර්මාන්තය, අධ්‍යාපනය, සම්බන්ධතා, සංචාරක සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගිතාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ද්වි-පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.