ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ උප සභාපති ධුරය ශ්‍රී ලංකාවට
2025 May 26- Page Views : 32 ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ (WFDY) උප සභාපති ධූරය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් මහේල අමරසූරිය තේරී පත්වී තිබෙනවා.
මැයි මස 20 සිට 26 දක්වා නැමීබියාවේ පැවැත්වෙන ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ 21 වෙනි මහ සභා රැස්වීමේදී මෙම පත්කිරීම සිදුව තිබෙන්නේ.
එහිදී මැයි මස 21 දින පැවති ආසියා – පැසිෆික් කලාපීය රැස්වීමේදී සමාජවාදී ශිෂ්‍ය සංගමය මහා මණ්ඩලය සඳහා තේරී පත්වූ අතර, ඉන් අනතුරුව 24 දින පැවති මහා මණ්ඩල රැස්වීමේදී සංවිධානයේ උප සභාපති ධූරය සඳහා වැඩි ඡන්දයෙන් මහේල අමරසූරිය තේරී පත්වී තිබෙනවා.
1945දී ආරම්භ වූ ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනය ලොව විශාලතම අධිරාජ්‍යය විරෝධී තරුණ සහ ශිෂ්‍ය සංවිධානය වනවා.
ලොවපුරා රටවල් ගණනාවක් නියෝජනය කරමින් සංවිධාන 152ක් මේ වන විට එහි පූර්ණ සාමාජිකත්වය දරනවා.
මෙම 21 වන මහ සභාවාරයේදී එහි සභාපති ධූරය සඳහා පෘතුගාලයේ JCP තරුණ සංවිධානයත්, ලේකම් ධූරය සඳහා කියුබාවේ UJC සංවිධානයත්, අනෙකුත් උප සභාපති ධූර 2 සඳහා ලෙබනනයේ ULDY සහ නැමීබියාවේ SWAPO YL සංවිධානයත් තේරීපත් වුණා.
මෙම මහ සභා රැස්වීම සඳහා සමාජවාදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක රංගන දේවප්‍රිය , ජාතික කමිටු සාමාජික මහේල අමරසූරිය සහ සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් අංජන අමරසිංහ සහභාගී වුණා.