WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මත්තල ගුවන්තොටුපළ කළමනාකරණයට නව ආයෝජකයන් කැඳවයි

2025 May 26- Page Views : 31

මත්තල මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළ කළමනාකරණය සහ ගුවන්තොටුපළේ සෘජු හා වක්‍ර ගුවන් සේවා ආශ්‍රිත ව්‍යාපාර පිහිටුවීමට නව ආයෝජකයන්ට අවස්ථාව ලබාදීම සදහා රජය සැලසුම් කර තිබෙනවා.

ඒ, ඉන්දියාවේ ෂෞර්යා ඒරොනොටික්ස් ලිමිටඩ් සහ රුසියාවේ කලාපීය ගුවන්තොටුපළ කළමනාකරණ සමාගමක් ඇතුළත් ඒකාබද්ධ ව්‍යාපාරයක් සමඟින් මත්තල ගුවන්තොටුපළ සඳහා වසර 30 ක කළමනාකරණ ගිවිසුමකට එළඹීමට ගත් තීරණය අත්හැර දමා ඇති පසුබිමකයි.

කෙසේ වෙතත්, මත්තල ගුවන්තොටුපළ කළමනාකරණය කිරීමට හෝ ගුවන්තොටුපළේ ගුවන් සේවා ආශ්‍රිත ව්‍යාපාර පිහිටුවීමට ආයෝජකයන්ගේ යෝජනා සඳහා ඔවුන් යළි උනන්දුවක් දක්වන බව රජය ප්‍රකාශ කළා.

එමෙන්ම, ඉන්දිය - රුසියා ඒකාබද්ධ ව්‍යාපාරයේ යෝජනාව නැවත සළකා බැලීමට මෙන්ම නව ආයෝජකයන්ගෙන් යෝජනා ලබා ගැනීමට ද රජය කැමැත්තෙන් සිටින බව ද සඳහන්.

ඒ අනුව, මත්තල ගුවන්තොටුපළ කළමනාකරණය සහ ගුවන් තොටුපළේ සෘජු හා වක්‍ර ගුවන් සේවා ආශ්‍රිත ව්‍යාපාර පිහිටුවීම ආවරණය වන පරිදි අංශ හතක් යටතේ එය සිදුකරනු ඇති.

මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළේ කළමනාකරණය ඉන්දියාවේ ෂෞර්යා ගුවන් යානා සහ රුසියාවේ කලාපීය ගුවන් තොටුපළවලට වසර 30ක කාලයක් සඳහා පැවරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදුන්නේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදීයී.