WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයට අයදුම්පත් කැඳවීම ඇරඹේ

2025 June 05- Page Views : 30

රජයේ සහ පෞද්ගලික පාසල්වල 12 වන ශ්‍රේණිය වෙනුවෙන් පැවැත්වීමට නියමිත සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය සදහා අයදුම්පත් කැඳවීම මේ මස 13 වනදායින් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. 

  මාර්ග ගත ක්‍රමය ඔස්සේ මීට අදාළ අයදුම්පත් කැදවන අතර පාසල් අයදුම්කරුවන් විදුහල්පති මාර්ගයෙන් සහ පෞද්ගලි අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ හා සම්බන්ධ විය හැකියි. 

  මේ වසරේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන, එනම් ලබන වසරේදී උසස්පෙළ විභාගයට මුල්වරට පෙනී සිටින සිසුන්ට පමණක් මෙම විභාගය සදහා අයදුම් කළ හැකියි.