WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දයාසිරි ගැන හොයන කමිටුවෙන් ගයන්ත අස්වෙයි

2025 June 06- Page Views : 31

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉකුත් මැයි 20 වැනිදා සභා ගැබේ ක්‍රියා කළ ආකාරයක් සම්බන්ධයෙන්  ලැබුණු පැමිණිල්ල විමර්ශනය කොට වාර්තා කිරීම සඳහා පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුවේ සේවය කිරීමට නොහැකි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා දැනුම් දී ඇති හෙයින් ඒ වෙනුවට මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පත් කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

අධික කාර්ය බහුලත්වය නිසා එම කමිටුවේ සේවය කිරීමට නොහැකි බව ගයන්ත කරුණාතිලක මහතා දැනුම් දී ඇතැයි ද කතානායකවරයා කීය.