මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක්
2025 June 06- Page Views : 31 සුළු මධ්‍ය හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා.
වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක පරිදී එය ආරම්භ කර තිබෙනවා.
ඊයේ දිනය තුළ සිදුකළ වැටලීම් 451කින් සැකකරුවන් 449 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
හෙරොයින් , අයිස්, ගංජා සහ මත්පෙති තොගයක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.
මේ වසරේ අප්‍රේල් 13 වනදා සිට පොලිස් කොට්ඨාස මට්ටමින් විශේෂ මෙහෙයුම් සිදුකරන බවයි පොලිසිය පවසන්නේ.