WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

චන්ද්‍රාණි බණ්ඩාරටත් අධි චෝදනා

2025 June 06- Page Views : 31

හිටපු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියට එරෙහිව අද (06) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදී තිබෙනවා.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ භාරදීම සිදු කෙරුණා.

ඉන් අනතුරුව විත්තිකාරියගේ ඇඟිලි සළකුණ ලබාගන්නා ලෙස නියෝග කළ විනිසුරුවරයා, විත්තිකාරිය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කර තිබෙනවා.

පසුගිය යහපාලන රජය සමයේ කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකොට එච්.එම්. චන්ද්‍රවංශ නැමැතෙකුට වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන අකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා එම අමාත්‍යංශයේ නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් “දූෂණය” නමැති වරද සිදු කළේ, ඇයට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

මේ අතර අල්ලස් කොමිසම විසින් හිටපු කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතාට අද (06) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දුන්නා.

ඒ සිය නිත්‍යානුකූල ආදායම අබිභවා රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින්.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ මෙම අධිචෝදනා විත්තිකරුට භාර දීම සිදු කෙරුණා.

ඉන් අනතුරුවයි විත්තිකරු ඇප මත මුදා හැරීමට ද අධිකරණය නියම කළේ.