හිංසාකාරී ලෙස ගවයින් ප්‍රවාහනය කළ තිදෙනෙකු මාට්ටු
2025 June 09- Page Views : 32 වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් වැල්ලවාය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී වැල්ලවාය මහවෙලමුල්ල ප්‍රදේශයේ සිට කල්මුනේ දක්වා නීති විරෝධීව සහ ඉතාමත්ම හිංසාකාරී ලෙස ලොරි රථයකින් ගවයින් ප්‍රවාහනය කළ ජාවාරමක් වටලා සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා .
වැටලීම සිදු කරන අවස්ථාවේ දී ලොරි රථය තුළ ගවයින් 13න් දෙනෙකු සිට ඇති අතර එම ගවයින් ඉතාමත්ම හිංසාකාරි ලෙස ලොරි රථය තුළ ප්‍රවාහනය
කරමින් සිටි බව පොලිසිය සඳහන් කළා.
ගවයින් අතර එළදෙනුන් නව දෙනෙකු සහ පිරිමි සතුන් සිව්දෙනෙකු සිටින අතර පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය සහ කල්මුනේ යන
ප්‍රදේශවල පදිංචිකරුවන්.
සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින්ඉ දිරි විමර්ශන සිදු කරනු ලබනවා.