WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කොවිඩ් මරණ ගැන සෞඛ්‍ය අංශයෙන් පැහැදිලි කිරීමක්

2025 June 12- Page Views : 30

රට පුරා පැතිර යන කොවිඩි ප්‍රභේදය ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්ය දුෂාන්ත මැදගෙදර මහතා මේ බව පැවසීය.

"ලංකාවේ දැනට වෛරස් විද්‍යාතනයෙන් පවසන ආකාරයට, ස්වසන රෝගීන්ගේ 9% - 13% අතර සංඛ්‍යාවකට අලුත් ප්‍රභේදය නිසා කොවිඩ් ආසාදනය හැදිලා තියෙනවා. මෙම කොවිඩ් ආසාදනය ඉතාම අඩු බැරෑරුම් තත්ත්වයක පවතින්නේ. හානිකර තත්ත්වයන් ඉතාම අවමයි. නමුත් අවුරුදු 65ට වැඩි ප්‍රතිශක්ති අඩු, ඒ රෝගීන්ට මේක බැරෑරුම් වෙන්න පුළුවන්. එහෙම අය මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ලංකාවේ මරණ දෙකක් වෙලා තියෙනවා. දෙන්නම සංකූලතා තිබුණ අය. දැනට ඒ හැරුණම වෙන අපිට බැරෑරුම් තත්ත්වයක් නැති නිසා අනවශ්‍ය කලබලවීම් වෙන්න අවශ්‍ය නෑ. නමුත් විශේෂිත කණ්ඩායම් මේ ගැන සැලකිලිමත් විය යුතුයි."