WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හිරගෙදර තවත් මුල් පුටු පෙරැළෙයි?

2025 June 12- Page Views : 30

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ  තවත්  මුල් පුටු ගණනාවක් ඉදිරි දිනවල වෙනස් කෙරෙනු ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අනුව දිවයින පුරා බන්ධනාගාරවල අධිකාරි තනතුරුවලද වෙනස් වීම් ගණනාවක් ඉදිරි දිනවල කෙරෙනු ඇත. බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධාන කිරීමට  රජය තීරණය කර ඇත. ඉහළ තනතුරු වෙනස් කෙරෙන්නේ එම වැඩපිළිවෙලට අනුව බව දැනගන්නට ඇත.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා වැඩ තහනම් කර අත්අඩංගුවට ගැනීමෙන් පසු එම තනතුරේ වැඩ බැලීමට අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකුවන නිශාන් දනසිංහ මහතා පත්කෙරිණ.

මේ අතර බන්ධනාගාර කොමසාරිස් ගාමිණි දිසානායක මහතා මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වැඩ බලන බන්ධනාගාර කොමසාරිස්වරයාට යොමු කර ඇතැයි වාර්තාවේ.

ජනාධිපති පොදු සමාව අවභාවිත කරමින් පසුගිය කාලයේ දී සිට කරුවන් නිදහස් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිගින් දිගටම පරීක්ෂණ පවත්වමින් සිටී.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විශේෂ කණ්ඩායම් කිහිපයක්ම ඒ ඒ බන්ධනාගාරවලට යොමු කර ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති පොදු සමාව අවභාවිත කරමින් සිරකරුවන් සියයකට ආසන්න පිරිසක් පසුගිය කාලයේදී මුදා හැර ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන්ද එම දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමුවී ඇත.