WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මාරක අනතුරක් - කාන්තාවකට දිවි අහිමිවෙයි

2025 June 16- Page Views : 32

මිනුවන්ගොඩ -  වේයන්ගොඩ මාර්ගයේ පමුණුව හන්දියේදී යතුරුපැදියක් සහ වෑන් රථයක් ගැටී සිදුවු අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මිනුවන්ගොඩ දෙස සිට වේයන්ගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (15) රාත්‍රීයේ දීය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු හා පසුපැදිකාරිය මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසුපැදිකාරිය ජීවිතක්ෂයට පත්ව ඇත.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 53ක් වූ හෙන්ඩිමහර, උඩුගම්පල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

   මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.