WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

‘‘බහලුම් තදබදය දින තුනෙන් අවසන් කරනවා‘‘

2025 June 27- Page Views : 25

කොළඹ වරාය තුළ බහලුම් තදබදය ඉදිරි දින දෙක, තුන තුළ සම්පූර්ණයෙන්ම අවසන් කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශ, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා අද (26) පැවසීය.

සීවලී අරුක්ගොඩ මහතා කොළඹදී අද පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.

මෙරට ආනයනික බහදුම් ලැබීමේ ඉහළ යෑමක් පසුගිය සතියේ දැකිය හැකි වූ බවත් සාමාන්‍යයෙන් දිනකට බහලුම් 1200 ක් පමණ ලැබුණ ද පසුගිය සතියේ දිනකට ලැබෙන බහලුම් සංඛ්‍යාව 2400 ක් 2500 ක් දක්වා ඉහළ ගිය බවත් ඒ මහතා කීය.

රේගුව සතුව දිනකකට බහලුම් 1200 ක් හෝ 1500 ක් පවමණක් නිදහස් කිරීමට පහසුකම් ඇති බව කී අරුක්ගොඩ මහතා එම ප්‍රමාණය බහලුම් 1500 ඉක්මවූ වාහාම තදබදයක් ඇති බව බව ද සඳහන් කළේය.

වාහන ආයනය ඉහළ යෑම සහ රජය ලුණු ආනයනයට අවසරදීමත් සමඟ ලුණු බහලුම් විශාල ප්‍රමාණයක් ලැබී ඇති බව ද කී අරුක්ගොඩ මහතා එම බහලුම් නිෂ්කාශනය කිරීමේදී ප්‍රමාදයක් ඇති වූ බව ද ඒ මහතා කීය.

ලුණු බහලුම් ලැබුණු පසු පරීක්‍ෂා කිරීමෙන් පසුව පමණක් නිදහස් කරන අතර විශේෂයෙන්ම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ ආහාර පරීක්‍ෂකවරු පරීක්‍ෂා කිරීමෙන් පසුව නිදහස් කිරීමට අනුමැතිය ලැබුණහොත් පමණක් ලුණු බහලුම් නිදහස් කළ හැකි බවත් ලුණු නිදහස් කිරීම සඳහා අවශ්‍ය වාර්තා ගැනීමට දින කීපයක ප්‍රමාදයක් වන බවත් අරුක්ගොඩ මහතා පැවසීය.

වර්තමානය වන විට බහලුමක් නිදහස් කිරීමට දිනයක් හෝ දෙකක් පමණක් ප්‍රමාද වී ඇති අතර පසුගිය කාලයේ මෙන් දින 10 ක් දක්වා ගිය ප්‍රමාදයක් දැනට නොමැති බවත් සියලුම බහලුම් ඉතාම ඉක්මණින් නිෂ්කාශනය කිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක බවත් ඒ මහතා සඳහන් කළේය.

වරාය අධිකාරිය දුන් අංගනය තවමත් සකස් කරමින් තිබෙන නිසා එය පාවිච්චි කිරීමේ හැකියාවක් නොමැති බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ එය ලැබුණු වාහාම බහලුම් නවතා ලැබීමට පාවිච්චි කළ හැකි බවත්ය.