WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බිරිද දොර ඇරීම නොකළ නිසා ළිදක් ළඟ නිදා සිටි පුද්ගලයෙකු ළිදට වැටී මියයයි

2025 July 02- Page Views : 34

මත්පැන් පානය කොට ළිදක් අසල නිදාගත් යාපනය මනිපායී ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ (01) එම ළිදටම වැටී මිය ගොස් තිබෙනවා.

යාපනයේ මනිපායී දකුණු ප්‍රදේශයේ පදිංචිව සිටි ගණේෂරාජා සුභාෂ්කරන් නැමති දෙදරු පියෙකුයි මෙලෙස මියගොස් ඇත්තේ.

මියගිය පුද්ගලයා තම මිතුරකුගේ නිවසට ගොස් මත්පැන් පානය කර නිවසට ඒම පුරුද්දක් කරගෙන සිට ඇති අතර, ඔහුගේ බිරිද මේ සම්බන්ධයෙන් ඔහුට දැඩි විරෝධය පල කර තිබෙනවා.

මෙම සිද්ධිය නිසා එම නිවසේ නිතර නිතර අඩ දබර ඇති වූ බවයි අසල්වාසීන් පවසන්නේ.

සිද්ධිය වූ දිනයේ රාත්‍රියේද මොහු සිය මිතුරා සමග මත්පැන් පානය කොට නිවසට පැමිණි අවස්ථාවේදී බිරිද නිවසේ දොර ඇරීම ප්‍රතික්ෂේප කිරීම නිසා බීමත්ව පැමිණි පුද්ගලයා ළිද අසල දමා තිබූ කොන්ක්‍රීට් තට්ටුවේ නිදාගෙන සිටියදී ඔහු එක්වරම ළිදට වැටී තිබෙනවා.

අවට වැසියන් ළිදට යමක් වැටෙන ශබ්දය ඇසී බලන විට ඔහු ළිද තුළ සිට ඇති අතර වහාම ඔහුව ලිදෙන් ගොඩගෙන මනිපායී රෝහල වෙත රැගෙන ගොස් ඇතත් පසුව ඔහු මියගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ.

මනිපායී පොලීසිය මියගිය අයගේ මෘත දේහය පරීක්ෂණ කටයුතු සඳහා යාපනය ශීක්ෂණ රෝහල වෙත යවා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා. (01) එම ළිදටම වැටී මිය ගොස් තිබෙනවා.

යාපනයේ මනිපායී දකුණු ප්‍රදේශයේ පදිංචිව සිටි ගණේෂරාජා සුභාෂ්කරන් නැමති දෙදරු පියෙකුයි මෙලෙස මියගොස් ඇත්තේ.

මියගිය පුද්ගලයා තම මිතුරකුගේ නිවසට ගොස් මත්පැන් පානය කර නිවසට ඒම පුරුද්දක් කරගෙන සිට ඇති අතර, ඔහුගේ බිරිද මේ සම්බන්ධයෙන් ඔහුට දැඩි විරෝධය පල කර තිබෙනවා.

මෙම සිද්ධිය නිසා එම නිවසේ නිතර නිතර අඩ දබර ඇති වූ බවයි අසල්වාසීන් පවසන්නේ.

සිද්ධිය වූ දිනයේ රාත්‍රියේද මොහු සිය මිතුරා සමග මත්පැන් පානය කොට නිවසට පැමිණි අවස්ථාවේදී බිරිද නිවසේ දොර ඇරීම ප්‍රතික්ෂේප කිරීම නිසා බීමත්ව පැමිණි පුද්ගලයා ළිද අසල දමා තිබූ කොන්ක්‍රීට් තට්ටුවේ නිදාගෙන සිටියදී ඔහු එක්වරම ළිදට වැටී තිබෙනවා.

අවට වැසියන් ළිදට යමක් වැටෙන ශබ්දය ඇසී බලන විට ඔහු ළිද තුළ සිට ඇති අතර වහාම ඔහුව ලිදෙන් ගොඩගෙන මනිපායී රෝහල වෙත රැගෙන ගොස් ඇතත් පසුව ඔහු මියගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ.

මනිපායී පොලීසිය මියගිය අයගේ මෘත දේහය පරීක්ෂණ කටයුතු සඳහා යාපනය ශීක්ෂණ රෝහල වෙත යවා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.