WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තවත් බිහිසුණු බස් අනතුරක් - 21 දෙනෙකුට තුවාල

2025 July 21- Page Views : 33

කෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේ බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදුවු බිහිසුණු අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු පමණ පිරිසක් තුවාල ලබා තිබේ.

අප කළ විමසීමක දී පොලීසිය පැවසුවේ, අද (21) අලුයම 5ට පමණ වේරගොඩැල්ල සිට කෑගල්ල දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් සහ කෑගල්ල සිට රත්නපුරය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් එලෙස එකිනෙක ගැටී අනතුර සිදුව ඇති බවය.

තුවාලකරුවන් මේ වනවිට කෑගල්ල සහ වරකාපොළ යන රෝහල්වලට ඇතුළත් කර තිබේ.