WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රුපියල් කෝටි 30ක ලුණු වරායේ දිය වේ

2025 August 14- Page Views : 10

ලුණු ආනයනය කිරීම සඳහා ලබාදුන් අවසන් දිනයෙන් පසුව මෙරටට ලැබුණු සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය ප්‍රමාද වූ ලුණු කන්ටේනර් 1000ක් පමණ ශ්‍රී ලංකා රේගුවේ සිරවී තිබෙන බව ලුණු ආනයනකරුවෝ ප්‍රකාශ කළහ.

රජය මෙරටට ලුණු ආනයනය කිරීම සඳහා ලබාදුන් අවසන් දිනය වූ පසුගිය ජූනි 10 වැනිදායින් පසුව මෙරටට පැමිණි ලුණු කන්ටේනර් 400 ක් රේගුවේ සිරවී තිබෙන ලුණු කන්ටේනර් 1000 ට අයත් වන බවත් ඉතිරි 600 ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය ප්‍රමාදවීම හේතුවෙන් සිරවී තිබෙන කන්ටේනර් බවත් අනයනකරුවෝ සඳහන් කළහ.

අවසන් දිනය පසුවී මෙරටට ලැබුණු ලුණු කන්ටේනර් 400 සඳහා රජය සහනයක් ලබා නොදුන් බවත් එම ලුණු තොගය නැවත ප්‍රතිඅපනයනය කරනු ඇති බවත් ආනයනකරුවෝ සඳහන් කළහ. වෙළෙඳපොළේ මේ වනවිට ප්‍රමාණවත් ලුණු තොග තිබෙන බැවින් ඒ වෙනුවෙන් මේ අවස්ථාවේ සහනයක් අපේක්ෂා නොකරන බවත් එම ලුණු තොගය නැවත ප්‍රතිඅපනයනය කරනවාට විරුද්ධතාවක් නොමැති බවත් ආනයනකරුවෝ පැවැසූහ.

නැවත ප්‍රතිඅපනයනය කරන ලුණු කන්ටේනර 400 ප්‍රමාදවී ලැබීමට ආනයනකරුවන් හෝ අපනයනකරුවන් වැරදිකරුවන් නොවන බවත් එම අවස්ථාවේදී පැවැති දේශගුණික තත්වය ඊට හේතුවූ බවත් ඔවූහු පෙන්වා දුන්හ.

ආරංචි මාර්ගවලට අනුව දැනට වාරයේ සිරවී තිබෙන ලුණු බහාලුම් 400 ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණීමේදී ප්‍රමාද වී ඇත්තේ අහිතකර කාලගුණික තත්වයන් නිසාය.

ගුජරාට් වරායෙන් නියමිත දිනට නැව්ගත කර ඇතත් අහිතකර කාලගුණික තත්වයන් හේතුවෙන් එම නැව් මෙරටට පැමිණෙන විට ජූනි 10 පසුවී ඇත.

රජය අවසර ලබාදීමට ප්‍රතික්ෂේප කර ඇති ලුණු මෙට්‍රික් ටොන් 10,000 වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියනයක් බවද පැවැසෙයි.